International News

දින 321ක විදෙස් මෙහෙයුම නිමවා USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව නැවත අමෙරිකාවට

International 09 October 2026
දින 321ක විදෙස් මෙහෙයුම නිමවා USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව නැවත අමෙරිකාවට

ඉන්දීය ගුවන් නියමු ස්මිත් මච්චාර්ට ඊශ්‍රායලයේ ඉහළම සිවිල් වීර සම්මානය

International 09 October 2026
ඉන්දීය ගුවන් නියමු ස්මිත් මච්චාර්ට ඊශ්‍රායලයේ ඉහළම සිවිල් වීර සම්මානය

ගුරු හිඟයට සහ අයවැය කප්පාදුවට එරෙහිව පැරිසියේ සිසුන්ගෙන් දැවැන්ත විරෝධතා

International 09 October 2026
ගුරු හිඟයට සහ අයවැය කප්පාදුවට එරෙහිව පැරිසියේ සිසුන්ගෙන් දැවැන්ත විරෝධතා

මයික්‍රොසොෆ්ට්, කොග්නිසන්ට් සහ කැප්ජෙමිනි ඇතුළු ප්‍රමුඛ සමාගම් කිහිපයක ග්‍රීන් කාඩ් වැඩසටහන් අමෙරිකාවෙන් අත්හිටුවයි

International 09 October 2026
මයික්‍රොසොෆ්ට්, කොග්නිසන්ට් සහ කැප්ජෙමිනි ඇතුළු ප්‍රමුඛ සමාගම් කිහිපයක ග්‍රීන් කාඩ් වැඩසටහන් අමෙරිකාවෙන් අත්හිටුවයි

ඉරාන ඛනිජ තෙල් ප්‍රවාහනය කළ නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක

International 09 October 2026
ඉරාන ඛනිජ තෙල් ප්‍රවාහනය කළ නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක

චීනයේ මුහුදු ජලයෙන් ලවණ ඉවත් කිරීමේ ධාරිතාව දිනකට ටොන් මිලියන 3 පනී

International 09 October 2026
චීනයේ මුහුදු ජලයෙන් ලවණ ඉවත් කිරීමේ ධාරිතාව දිනකට ටොන් මිලියන 3 පනී

ඉරානය සමඟ පැවැත්වෙන සාකච්ඡා ඵලදායී: නොවැම්බර් 03ට පෙර ඉරානයට පහර දෙන්නේ නැහැ - ඩොනල්ඩ් ට්‍රම්ප්

International 08 October 2026
ඉරානය සමඟ පැවැත්වෙන සාකච්ඡා ඵලදායී: නොවැම්බර් 03ට පෙර ඉරානයට පහර දෙන්නේ නැහැ - ඩොනල්ඩ් ට්‍රම්ප්

ඔස්ට්‍රේලියාවේ පළමු වරට ඩෙංගු එන්නත භාවිතයට අවසර - සංචාරකයින්ට විශේෂ උපදෙස්

International 08 October 2026
ඔස්ට්‍රේලියාවේ පළමු වරට ඩෙංගු එන්නත භාවිතයට අවසර - සංචාරකයින්ට විශේෂ උපදෙස්

2026 සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය කැනේඩියානු කිවිඳියක වන ඈන් කාර්සන් හට හිමිවෙයි

International 08 October 2026
2026 සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය කැනේඩියානු කිවිඳියක වන ඈන් කාර්සන් හට හිමිවෙයි

තායිවාන ජනාධිපතිගේ පුත්‍රයා ගැන ඔත්තු බැලූ කාන්තාවක් අමෙරිකාවේදී අත්අඩංගුවට

International 08 October 2026
තායිවාන ජනාධිපතිගේ පුත්‍රයා ගැන ඔත්තු බැලූ කාන්තාවක් අමෙරිකාවේදී අත්අඩංගුවට

වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලාස් මදුරෝට තවත් චෝදනා

International 08 October 2026
වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලාස් මදුරෝට තවත් චෝදනා

අවතැන් වූ ලෙබනන් ජනතාව වෙනුවෙන් හිස්බුල්ලා සංවිධානයට ඉරානයෙන් ඩොලර් මිලියන 200ක්?

International 08 October 2026
අවතැන් වූ ලෙබනන් ජනතාව වෙනුවෙන් හිස්බුල්ලා සංවිධානයට ඉරානයෙන් ඩොලර් මිලියන 200ක්?

සෞදි ගුවන් තොටුපොළ දෙකකට හූති ප්‍රහාර - තිදෙනෙකු මරුට

International 08 October 2026
සෞදි ගුවන් තොටුපොළ දෙකකට හූති ප්‍රහාර - තිදෙනෙකු මරුට

හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂිත ගමන් මාර්ග පිළිබඳ ඉරාන–ඕමාන එකඟතාවක්

International 08 October 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂිත ගමන් මාර්ග පිළිබඳ ඉරාන–ඕමාන එකඟතාවක්

හිමාලයේ කුරුල්ලන් මිනිස් ඝෝෂාව මැඩගන්න පිච් එක වෙනස් කරයි

International 07 October 2026
හිමාලයේ කුරුල්ලන් මිනිස් ඝෝෂාව මැඩගන්න පිච් එක වෙනස් කරයි
More News
General08 October 2026

හූති ප්‍රහාර හමුවේ රියාද් යවන ශ්‍රී ලංකන් ගුවන් වාර කිහිපයක් අවලංගුයි

හූති කැරලිකරුවන් විසින් සෞදියේ, රියාද් අගනුවර ඉලක්ක කරමින් එල්ල කරනු ලබන ප්‍රහාරයන් හමුවේ ආරක්ෂිත පියවරක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා.ඒ අනුව සෞදියේ රියාද් අගනුවර වෙත සිදුකරනු ලබන UL 265 ගුවන් ගමන්වාරය අවලංගු කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.එමෙන්ම හෙට අළුයම දිවයිනට පැමිණිමට නියමිත UL266 රියාද් සිට කොළඹ දක්වා සිදුකරනු ලබන ගුවන්වාරය ද අවලංගු කර තිබෙනවා.

තවදුරටත් කියවන්න
හූති ප්‍රහාර හමුවේ රියාද් යවන ශ්‍රී ලංකන් ගුවන් වාර කිහිපයක් අවලංගුයි
General08 October 2026

බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට පත්කළ කමිටුව නම් කෙරේ

බන්ධනාගාර ආඥා පනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක් අද (08) පත්කර තිබෙනවා.ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති විශේෂ සාකච්ඡාවේදී එළැඹි තීරණයට අනුව මෙම කමිටුව පත් කර තිබෙන බව සඳහන්.බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රීන්ස් සේනාධීර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පිරීස්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දොපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන ඒ.සී. ගජනායක මෙම කමිටුවට අයත්. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සහ ආඥා පනත මගින් පනවන ලද නිත්‍ය නියෝග කාලානුරූපීව සමාලෝචනය කිරීම සහ වර්තමාන ආගමික, සංස්කෘතික, නීතිමය, පරිපාලනමය සහ ප්‍රායෝගික අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මෙම කමිටුව පත්කර තිබෙනවා.මේ අනුව බන්ධනාගාර පද්ධතියේ කාර්යක්ෂමතාව, යහපාලනය, ආරක්ෂාව, සංස්කෘතික වටිනාකම් සහ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන හඳුනාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව වෙත පැවරෙනවා.

තවදුරටත් කියවන්න
බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට පත්කළ කමිටුව නම් කෙරේ
General08 October 2026

"ඉදිරි වසර 2-3 ඇතුළත වැට් බද්ද අඩු කරන්න බලාපොරොත්තු වෙනවා" - ජනපති අනුර

මහජනතාවට ආර්ථික සහනයක් සැලසීමේ පියවරක් ලෙස ඉදිරි වසර දෙකත් තුනත් අතර කාලය තුළ එකතු කළ අගය මත බද්ද (VAT) ප්‍රමාණය අඩු කිරීමට රජය බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.අද (08) අරලියගහ මන්දිරයේදී නව ග්‍රාම නිලධාරීන් 1,540 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.වැඩිවන රාජ්‍ය වියදම් කළමනාකරණය කරගනිමින්, ජනතාව මත පටවා ඇති බදු බර ලිහිල් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ."අපගේ අරමුණ ඉදිරි වසර දෙක තුන තුළ එකතු කළ අගය මත බද්ද (VAT) අඩු කර ජනතාවට සහන සැලසීමයි," යනුවෙන් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.එමෙන්ම අත්‍යවශ්‍ය අධ්‍යාපනික උපකරණ සහ පොත්පත් මත පනවා ඇති බදු ඉවත් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ අතර, දරුවෙකු අධ්‍යාපනය සඳහා පොතක් මිලදී ගැනීමේදී බදු බරක් දැරීමට සිදු නොවිය යුතු බවත්, එවැනි බදු ඉවත් කළ යුතු බවත් ඔහු සඳහන් කළා.කෙසේ වෙතත්, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම් ක්‍රියාත්මක කරන අතරතුර බදු අඩු කිරීම සඳහා රජයේ වියදම් ඉතා ප්‍රවේශමෙන් කළමනාකරණය කළ යුතුව ඇති බව ද ජනාධිපතිවරයා පැවසූ අතර, රාජ්‍ය අංශයේ මුලික වැටුප අදියර තුනකින් වැඩි කිරීමට ගත් තීරණය හේතුවෙන් 2027 වන විට රුපියල් බිලියන 330ක අමතර වියදමක් දැරීමට සිදුවන බව ද මෙහිදී පෙන්වා දුන්නා.

තවදුරටත් කියවන්න
General08 October 2026

නව යතුරුපැදි ලියාපදිංචිය ලබන 19 වැනිදා සිට දිස්ත්‍රික් කාර්යාල පහකින්

නව යතුරුපැදි ලියාපදිංචිය දිවයිනේ දිත්‍රික්ක පහකදී ලබන 19 වැනිදා සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු සඳහන් කළා.අවශ්‍ය මූලික දැනුවත් කිරීම් සිදු කිරීමෙන් අනතුරුව, යාපනය, හම්බන්තොට, අනුරාධපුර, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික් කාර්යාලවලදී එලෙස නව යතුරුපැදි ලියාපදිංචි කිරීම ආරම්භ කරනු ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.මූලික අදියරේදී යතුරුපැදි ලියාපදිංචිය පමණක් මෙලෙස ආරම්භ කරන බවත්, පසුව එය සියලු මෝටර් රථ ලියාපදිංචිය දක්වා විහිදුවාලීමට බලාපොරොත්තු වන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළා.

තවදුරටත් කියවන්න
නව යතුරුපැදි ලියාපදිංචිය ලබන 19 වැනිදා සිට දිස්ත්‍රික් කාර්යාල පහකින්
General08 October 2026

කල්අඩි ප්‍රදේශයේ විදුලි උපපොළක තඹ කම්බි සොරා ගැනීමට පැමිණි පුද්ගලයෙකුට වෙඩි

පුත්තලම - කල්අඩි ප්‍රදේශයේ විදුලි උපපොළක තඹ කම්බි කපා සොරා ගැනීමට පැමිණි පුද්ගලයෙකුට එහි මුරකරු විසින් වෙඩි තබා තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, රිපිටර් වර්ගයේ ගිනි අවියකින් අද (08) අළුයම මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

තවදුරටත් කියවන්න
කල්අඩි ප්‍රදේශයේ විදුලි උපපොළක තඹ කම්බි සොරා ගැනීමට පැමිණි පුද්ගලයෙකුට වෙඩි
International News

දින 321ක විදෙස් මෙහෙයුම නිමවා USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව නැවත අමෙරිකාවට

International 09 October 2026
දින 321ක විදෙස් මෙහෙයුම නිමවා USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව නැවත අමෙරිකාවට

ඉන්දීය ගුවන් නියමු ස්මිත් මච්චාර්ට ඊශ්‍රායලයේ ඉහළම සිවිල් වීර සම්මානය

International 09 October 2026
ඉන්දීය ගුවන් නියමු ස්මිත් මච්චාර්ට ඊශ්‍රායලයේ ඉහළම සිවිල් වීර සම්මානය

ගුරු හිඟයට සහ අයවැය කප්පාදුවට එරෙහිව පැරිසියේ සිසුන්ගෙන් දැවැන්ත විරෝධතා

International 09 October 2026
ගුරු හිඟයට සහ අයවැය කප්පාදුවට එරෙහිව පැරිසියේ සිසුන්ගෙන් දැවැන්ත විරෝධතා

මයික්‍රොසොෆ්ට්, කොග්නිසන්ට් සහ කැප්ජෙමිනි ඇතුළු ප්‍රමුඛ සමාගම් කිහිපයක ග්‍රීන් කාඩ් වැඩසටහන් අමෙරිකාවෙන් අත්හිටුවයි

International 09 October 2026
මයික්‍රොසොෆ්ට්, කොග්නිසන්ට් සහ කැප්ජෙමිනි ඇතුළු ප්‍රමුඛ සමාගම් කිහිපයක ග්‍රීන් කාඩ් වැඩසටහන් අමෙරිකාවෙන් අත්හිටුවයි

ඉරාන ඛනිජ තෙල් ප්‍රවාහනය කළ නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක

International 09 October 2026
ඉරාන ඛනිජ තෙල් ප්‍රවාහනය කළ නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක

චීනයේ මුහුදු ජලයෙන් ලවණ ඉවත් කිරීමේ ධාරිතාව දිනකට ටොන් මිලියන 3 පනී

International 09 October 2026
චීනයේ මුහුදු ජලයෙන් ලවණ ඉවත් කිරීමේ ධාරිතාව දිනකට ටොන් මිලියන 3 පනී

ඉරානය සමඟ පැවැත්වෙන සාකච්ඡා ඵලදායී: නොවැම්බර් 03ට පෙර ඉරානයට පහර දෙන්නේ නැහැ - ඩොනල්ඩ් ට්‍රම්ප්

International 08 October 2026
ඉරානය සමඟ පැවැත්වෙන සාකච්ඡා ඵලදායී: නොවැම්බර් 03ට පෙර ඉරානයට පහර දෙන්නේ නැහැ - ඩොනල්ඩ් ට්‍රම්ප්

ඔස්ට්‍රේලියාවේ පළමු වරට ඩෙංගු එන්නත භාවිතයට අවසර - සංචාරකයින්ට විශේෂ උපදෙස්

International 08 October 2026
ඔස්ට්‍රේලියාවේ පළමු වරට ඩෙංගු එන්නත භාවිතයට අවසර - සංචාරකයින්ට විශේෂ උපදෙස්

2026 සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය කැනේඩියානු කිවිඳියක වන ඈන් කාර්සන් හට හිමිවෙයි

International 08 October 2026
2026 සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය කැනේඩියානු කිවිඳියක වන ඈන් කාර්සන් හට හිමිවෙයි

තායිවාන ජනාධිපතිගේ පුත්‍රයා ගැන ඔත්තු බැලූ කාන්තාවක් අමෙරිකාවේදී අත්අඩංගුවට

International 08 October 2026
තායිවාන ජනාධිපතිගේ පුත්‍රයා ගැන ඔත්තු බැලූ කාන්තාවක් අමෙරිකාවේදී අත්අඩංගුවට

වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලාස් මදුරෝට තවත් චෝදනා

International 08 October 2026
වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලාස් මදුරෝට තවත් චෝදනා

අවතැන් වූ ලෙබනන් ජනතාව වෙනුවෙන් හිස්බුල්ලා සංවිධානයට ඉරානයෙන් ඩොලර් මිලියන 200ක්?

International 08 October 2026
අවතැන් වූ ලෙබනන් ජනතාව වෙනුවෙන් හිස්බුල්ලා සංවිධානයට ඉරානයෙන් ඩොලර් මිලියන 200ක්?

සෞදි ගුවන් තොටුපොළ දෙකකට හූති ප්‍රහාර - තිදෙනෙකු මරුට

International 08 October 2026
සෞදි ගුවන් තොටුපොළ දෙකකට හූති ප්‍රහාර - තිදෙනෙකු මරුට

හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂිත ගමන් මාර්ග පිළිබඳ ඉරාන–ඕමාන එකඟතාවක්

International 08 October 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂිත ගමන් මාර්ග පිළිබඳ ඉරාන–ඕමාන එකඟතාවක්

හිමාලයේ කුරුල්ලන් මිනිස් ඝෝෂාව මැඩගන්න පිච් එක වෙනස් කරයි

International 07 October 2026
හිමාලයේ කුරුල්ලන් මිනිස් ඝෝෂාව මැඩගන්න පිච් එක වෙනස් කරයි
Sports Stories
Explore More
ටෙස්ට් නායකත්වයෙන් ධනංජය ද සිල්වා ඉල්ලා අස්වෙයි

ටෙස්ට් නායකත්වයෙන් ධනංජය ද සිල්වා ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.තේරීම් කමිටුව වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, ටෙස්ට් නායකත්වයේ වගකීම ඊළඟ පරම්පරාව වෙත පැවරිය යුතු බවට තමන් විශ්වාස කරන බවයි.කෙසේ වෙතත්, නායකත්වයෙන් ඉල්ලා අස්වුවද ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට තමන් තවදුරටත් සූදානමින් සිටින බවයි ධනංජය ද සිල්වා පවසන්නේ. මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ප්‍රකාශ කළේ, "ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ලබා දුන් විශිෂ්ට නායකත්වය පිළිබඳව ධනංජය ද සිල්වාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්තූතිය හිමිවන අතර, ඔහුගේ ඉදිරි ක්‍රිකට් ජීවිතයට සුබ පතනවා" යනුවෙනි.

තවදුරටත් කියවන්න
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ස්ම්‍රිති මන්දනාට

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ස්ම්‍රිති මන්දනාට

දීර්ඝ කාලයක් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවූ හර්මන්ප්‍රීට් කෞර් එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ, කණ්ඩායමේ නව නායිකාව ලෙස ප්‍රමුඛ පෙළේ ආරම්භක පිතිකාරිනී ස්ම්‍රිති මන්දනා පත්කර තිබෙනවා. 2013 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් ලැබූ මන්දනා, මීට පෙර උපනායිකාව ලෙස කටයුතු කර ඇති අතර විස්සයි20 තරඟ 18 කදී සහ එක්දින තරඟ 4 කදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවා තිබෙනවා. වමතින් පිත්ත හසුරුවන මෙම සුපිරි ක්‍රීඩිකාව මෑතකදී හිටපු නායිකා මිථාලි රාජ් පසුකර යමින් ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලාභිනිය බවටද පත් වූවා. එමෙන්ම ජාත්‍යන්තර තරග රටා සියල්ලෙන්ම ශතක 18 ක් රැස්කරමින් කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ශතක ප්‍රමාණයකට හිමිකම් කීමටද ඇය සමත් වුණා.කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරගාවලියේදී 'රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලූරු' (RCB) කණ්ඩායම ශූරතාව කරා දෙවරක්ම මෙහෙයවීමටද ඇය සමත් වීම විශේෂත්වයක්. තමන් වෙත පැවරුණු නව වගකීම පිළිබඳව අදහස් දක්වමින් ස්ම්‍රිති මන්දනා සඳහන් කළේ, ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමට ලැබීම තමන්ට ලැබුණු විශේෂ ගෞරවයක් බවයි. මෙතෙක් කල් නායිකාව ලෙස හර්මන්ප්‍රීට් කෞර් දැක්වූ කැපවීම සහ දායකත්වය අගය කළ ඇය, මෙම නව වගකීම මැනවින් ඉටුකරමින් ඉන්දීය ක්‍රිකට් ඉදිරියට ගෙන යාමට උපරිමයෙන් කටයුතු කරන බව ප්‍රකාශ කළා.ඉන්දියාව සහ සිම්බාබ්වේ අතර තරඟ 3 කින් සමන්විත විස්සයි20 සහ එක්දින ක්‍රිකට් තරඟාවලිය ඔක්තෝබර් 16 වනදා ආරම්භ වන අතර, මන්දනාගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම මුහුණදෙන පළමු තරඟාවලිය මෙයයි.

තවදුරටත් කියවන්න
පාකිස්ථාන තුන්කොන් එක්දින තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි: කුසල් මෙන්ඩිස්ට නායකත්වය

පාකිස්ථාන තුන්කොන් එක්දින තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි: කුසල් මෙන්ඩිස්ට නායකත්වය

පාකිස්ථානයේ පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය (ODI Tri-Nation Series) සඳහා සහභාගී වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා එක්දින සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.ඒ අනුව, පාකිස්ථානය, එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන මෙම එක්දින තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් විසින් හොබවනු ලබනවා.කෙසේ වෙතත්, ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක තරගාවලිය සඳහා එක්වන්නේ ඔහු ශාරීරිකව යෝග්‍ය තත්ත්වයේ පසුවන බවට වෛද්‍ය තහවුරු කිරීම් ලැබුණහොත් පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ සටහනක් තබමින් සඳහන් කරන්නේ.ඒ අනුව ශ්‍රී ලංකා එක්දින සංචිතය ලෙස, පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස් (නායක), පවන් රත්නායක, සහන් ආරච්චිගේ, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, සචින්ද කොළඹගේ, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, දිල්ෂාන් මධුශංක සහ එෂාන් මාලිංග නම් කර තිබෙනවා.

තවදුරටත් කියවන්න
Business Stories
Explore More
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇ: ඩොලර් 105 ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇ: ඩොලර් 105 ඉක්මවයි

අමෙරිකානු ජනාධිපතිවරණයට පෙර ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් සකස් කරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පෙන්ටගනයට උපදෙස් ලබා දී ඇති බවට පළවන වාර්තාත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 105 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105 සීමාව ඉක්මවා ඇති අතර, ඩබ්ලිව්.ටී.අයි. (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 93 සීමාව ආසන්නයේ පවතින බව සඳහන්.මෙම මස ආරම්භයේදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 99ට අඩුවෙන් පැවති අතර, පවතින භූ-දේශපාලනික නොසන්සුන්තාව හේතුවෙන් මෙලෙස කෙටි කාලයක් තුළ මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තවදුරටත් කියවන්න
ඉන්දීය සමාගම් බ්‍රිතාන්‍ය වෙළඳපොළ ජය ගනී

ඉන්දීය සමාගම් බ්‍රිතාන්‍ය වෙළඳපොළ ජය ගනී

ඉන්දීය සමාගම් බ්‍රිතාන්‍යයේ ප්‍රාදේශීය නගර සහ උතුරු ප්‍රදේශ වෙත සිය ව්‍යාපාරික කටයුතු ප්‍රසාරණය කරමින්, එම ප්‍රාදේශීය ආර්ථිකයන්හි ප්‍රමුඛතම රැකියා සපයන්නන් බවට පත්වෙමින් සිටින බව නවතම වාර්තාවක් පෙන්වා දෙනවා.විගණන, බදු සහ ව්‍යාපාරික උපදේශන සේවා සපයන Grant Thoton UK ආයතනය, ඉන්දීය කර්මාන්ත සම්මේලනය සහ ඉන්දියා ග්ලෝබල් ෆෝරම් සමග එක්ව සකස් කරන ලද නවතම ‘India Meets Britain Tracker’ වාර්තාවට අනුව, දැනට බ්‍රිතාන්‍යය තුළ ඉන්දීය හිමිකාරීත්වය සහිත සමාගම් 1,912ක් ක්‍රියාත්මකයි. එම සමාගම් මගින් පුද්ගලයින් 203,549 දෙනෙකුට රැකියා අවස්ථා හිමිව ඇති අතර, ඒවායේ සමස්ත වාර්ෂික පිරිවැටුම පවුම් බිලියන 105.77ක්.2014 වසරේ සිට බ්‍රිතාන්‍යයේ ඉන්දීය සමාගම්වල වර්ධනය අධ්‍යයනය කරන මෙම වාර්තාවේ 13 වන මුද්‍රණය මගින්, ඉන්දීය ව්‍යාපාරවල පරිමාණය පමණක් නොව, ඒවායේ භූගෝලීය ව්‍යාප්තියේ සිදුව ඇති කැපී පෙනෙන වෙනස ද අනාවරණය කරනවා.තවදුරටත් ඉන්දීය සමාගම්වලින් වැඩිම කොටසක්, එනම් 38% ක් ලන්ඩන් නගරය කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යනු ලබනවා.කෙසේ වෙතත්, 2018 සහ 2021 අතර කාලසීමාවේදී 50% කට වඩා වැඩි අගයක පැවති ලන්ඩනයේ සමාගම් ප්‍රතිශතය හා සැසඳීමේදී මෙය කැපී පෙනෙන අඩුවීමක්.නවතම දත්තවලට අනුව බ්‍රිතාන්‍යයේ දකුණු ප්‍රදේශයේ 27% ක් ද, මධ්‍යම ප්‍රදේශවල 12% ක් ද, උතුරු ප්‍රදේශයේ 11% ක් ද වශයෙන් මෙම සමාගම් ව්‍යාප්ත වී තිබෙනවා.මෙම දත්තයන්ගෙන් පැහැදිලි වන්නේ ඉන්දියා-බ්‍රිතාන්‍ය ආර්ථික සබඳතාව යනු තවදුරටත් ලන්ඩනයට පමණක් සීමා වූවක් නොව, බ්‍රිතාන්‍යයේ පුළුල් කාර්මික සහ තාක්ෂණික ආර්ථිකය තුළ සක්‍රියව මුල්බැසගත් එකක් බවයි.

තවදුරටත් කියවන්න
ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල යළි ඉහළට

ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල යළි ඉහළට

ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බැලරයක මිල සියයට 2.23කින් ඉහළ ගොස් මිල සටහන් වුණේ, ඩොලර් 102.3ක් ලෙසයි. එමෙන්ම, ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොර තෙල් බැරලයක මිල සියයට 1.82කින් ඉහළ ගොස් ඩොලර් 89.86ක් ලෙස දැක්වුණා. මේ අතර, දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම අද උදෑසන වන විට සාමාන්‍ය තත්ත්වයකට පත්ව ඇති බව ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි සම ලේකම් ශාන්ත සිල්වා සඳහන් කළේ, අයි ඕ සී සමාගම විසින් වැඩි ඉන්ධන තොග ප්‍රමාණයක් නිකුත් කිරීමට පියවර ගැනීමත් හමුවේ තෙල් සැපයුම් ක්‍රියාවලියට බාධාවක් නොමැති බවයි.

තවදුරටත් කියවන්න
බ්‍රිතාන්‍යයේ සුප්‍රකට Boots ඔසුසල් ජාලය පවුම් බිලියන 6.7 කට කැනේඩියානු කෝටිපති පවුලකට අලෙවි කෙරේ

බ්‍රිතාන්‍යයේ සුප්‍රකට Boots ඔසුසල් ජාලය පවුම් බිලියන 6.7 කට කැනේඩියානු කෝටිපති පවුලකට අලෙවි කෙරේ

බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛතම ඖෂධ අලෙවිසැල් ජාලයක් වන Boots සමාගම, ඩොලර් බිලියන 8.9 කට (පවුම් බිලියන 6.7) කැනඩාවේ ප්‍රකෝටිපති වෙස්ටන් (Weston) පවුල වෙත අලෙවි කිරීමට ගිවිසුම් ගතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.වසර 177ක දීර්ඝ ඉතිහාසයක් හිමි මෙම සමාගම, අමෙරිකානු පුද්ගලික ආයෝජන සමාගමක් වන Sycamore Partners සහ පෙසිනා (Pessina) පවුල විසින් මිලදී ගැනීමට පියවර ගත් බව Wittington Investments හෝල්ඩිං සමාගම තහවුරු කරනවා.1849 වසරේදී නොටින්හැම් හි කුඩා ඖෂධසලකින් ආරම්භ වූ Boots සමාගම, වර්තමානය වන විට සෞඛ්‍ය හා රූපලාවන්‍ය නිෂ්පාදන ඇතුළු පුළුල් පරාසයක සේවාවන් සපයන බ්‍රිතාන්‍යයේ ජනප්‍රියම සන්නාමයක් බවට පත්ව තිබෙනවා.පසුගිය වසරවල සේවකයින් 51,000 ක් පමණ සේවය කළ මෙම ජාලයේ ශාඛා කිහිපයක් වසා දැමීමට පියවර ගත්තද, දැනට මහා බ්‍රිතාන්‍යය පුරා අලෙවිසැල් 1,800 ක් පමණ ක්‍රියාත්මකයි.පසුගිය වසරේදී පමණක් මෙම සමාගම පවුම් බිලියන 7.5 ක අලෙවියක් වාර්තා කර තිබුණා.මෙම අත්පත් කර ගැනීම යටතේ එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ Boots අලෙවිසැල්, Boots Opticians, No7 Beauty Company මෙන්ම තායිලන්තයේ සහ අනෙකුත් නියෝජිත ආයතන සියල්ල වෙස්ටන් පවුල යටතට පත්වනවා.මෙම ගනුදෙනුව 2027 වසරේ මුල් භාගයේදී සම්පූර්ණයෙන්ම නිමා වීමට නියමිත බවයි සඳහන්.නව හිමිකාරීත්වය යටතේ අලෙවිසැල් නවීකරණය කිරීමටත්, සෞඛ්‍ය සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කිරීමටත් සැලසුම් කර ඇති බව Boots හි නව සභාපතිවරයා ලෙස පත්වීමට නියමිත වෙස්ටන් සඳහන් ක‍රනවා.කැනඩාවේ ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් සහ ඖෂධසල් ජාලයන්හි හිමිකාරීත්වය දරන වෙස්ටන් පවුල, මෙවර Sunday Times ධනවතුන්ගේ ලැයිස්තුවේ පවුම් බිලියන 19 ක පමණ වත්කමක් සහිතව 5 වැනි ස්ථානයට තේරී පත්ව සිටිනවා.

තවදුරටත් කියවන්න
කුණාටු අවදානම සහ සෞදි අරාබියට එල්ල වූ ප්‍රහාර හමුවේ බොර තෙල් මිල අමෙරිකානු ඩොලර් 101 පනී

කුණාටු අවදානම සහ සෞදි අරාබියට එල්ල වූ ප්‍රහාර හමුවේ බොර තෙල් මිල අමෙරිකානු ඩොලර් 101 පනී

ගෝලීය වෙළෙඳපොළේ බොර තෙල් සැපයුමට එල්ල වී ඇති බාධා සහ මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව, බදාදා දිනයේදී බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 101.51ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 0.92ක වැඩිවීමක් බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ.එමෙන්ම, WTI බොර තෙල් බැරලයක මිලද සියයට 0.92කින් ඉහළ ගොස් ඩොලර් 90.25ක් ලෙස සටහන් වී තිබෙනවා.අමෙරිකාවේ තෙල් නිෂ්පාදන කලාප වෙත ළඟා වෙමින් පවතින කුණාටුව සහ යේමනයේ ඉරාන සහාය ලබන හූති කැරලිකරුවන් සෞදි අරාබියට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් තෙල් සැපයුමට බලපෑම් එල්ල වීමේ අවදානමක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.අදාළ කුණාටුවේ බලපෑමට ලක්විය හැකි මෙක්සිකෝ බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයෙන් අමෙරිකාවේ සමස්ත බොර තෙල් නිෂ්පාදනයෙන් සියයට 15ක් සහ ස්වාභාවික වායු නිෂ්පාදනයෙන් සියයට 5ක් සිදු කෙරෙනවා.එමෙන්ම, කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන හයකට බලපෑම් එල්ල විය හැකි බවටද අනතුරු අඟවා ඇති බව සඳහන්.අමෙරිකාවේ මෙක්සිකෝ බොක්ක ආශ්‍රිත ප්‍රාන්තවල පිහිටි තෙල් පිරිපහදු මධ්‍යස්ථානවලින් දෛනිකව බැරල් මිලියන 18.2ක ජාතික පිරිපහදු ධාරිතාවෙන් සියයට 50කට පමණ දායකත්වය සැපයෙනවා.

තවදුරටත් කියවන්න
දරුවන් 100කගේ අනාගතය වෙනුවෙන් ‘FLH මාපිය කැපකරු’ ඇරඹෙයි

දරුවන් 100කගේ අනාගතය වෙනුවෙන් ‘FLH මාපිය කැපකරු’ ඇරඹෙයි

අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වෙමින් ඔවුන්ගේ අනාගතය ගොඩනැගීමේ අරමුණින් FLH සමූහ ආයතනයේ FL Foundation විසින් ‘FLH මාපිය කැපකරු’ නමින් වැඩසටහනක් ආරම්භ කර තිබේ.2018 වසරේදී ආරම්භ කළ FL Foundation, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සහ කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් විවිධ සමාජ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරයි. එහි ‘FLH සත්කාර’ වැඩසටහන යටතේ මේ වනවිට දිවයින පුරා ව්‍යාපෘති 235ක් ක්‍රියාත්මක කර ඇති අතර, රුපියල් මිලියන 110කට අධික වටිනාකමින් යුත් ප්‍රතිලාභ ලබා දෙමින් ශ්‍රී ලාංකිකයන් 45,000කට පමණ සෘජු ප්‍රතිලාභ ලබාදී තිබේ.එම සමාජ මෙහෙවරේ තවත් පියවරක් ලෙස ආරම්භ කර ඇති ‘FLH මාපිය කැපකරු’ වැඩසටහනේ මූලික අරමුණ වනුයේ අසරණ පවුල්වල දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යාමට අවශ්‍ය සහාය ලබාදීමයි.දරුවෙකුගේ අනාගතය වෙනස් කිරීමට අධ්‍යාපනයට ඇති හැකියාව පිළිබඳ විශ්වාසයෙන් යුතුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට පරිත්‍යාගශීලීන් සහ ජාතියේ ප්‍රමුඛතම බැංකුවක් ද එක්ව සිටිති.වැඩසටහනේ පළමු අදියර යටතේ දරුවන් 100 දෙනෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය වියදම් වසරක කාලයක් අඛණ්ඩව දැරීමට කටයුතු කර තිබේ. අධ්‍යාපනයට පමණක් සීමා නොවී, දරුවන්ගේ වයස හා අවශ්‍යතාව අනුව සෞඛ්‍ය, ක්‍රීඩා ඇතුළු අධ්‍යාපනයෙන් ඔබ්බට ගිය අවශ්‍යතා සඳහාද මෙම මාපිය කැපකරු වැඩසටහන ඔස්සේ සහාය ලබාදීමට අපේක්ෂා කෙරේ.ඉදිරි සති සහ මාස කිහිපය තුළ දිවයින පුරා පිහිටි FLH සමූහයේ ආයතන හරහා තවත් දහස් ගණනක් දරුවන්ගේ අධ්‍යාපනය, දැනුම හා ජීවන තත්ත්වය නඟාසිටුවීම අරමුණු කරගත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇත.වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු www.sathkaara.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. 

තවදුරටත් කියවන්න
කොළඹ වරාය නගරය ගල්ෆ් ආයෝජකයන්ගේ අවධානයට

කොළඹ වරාය නගරය ගල්ෆ් ආයෝජකයන්ගේ අවධානයට

කොළඹ වරාය නගරය විසින් සංවිධානය කළ විශේෂ ආයෝජක හමුවක් සැප්තැම්බර් 25 වැනිදා අබුඩාබි හි The St. Regis හෝටලයේදී පැවැති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් සහ ආයෝජකයින් රැසක් ඊට එක්වූහ.ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සහ කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය (SEZ) තුළ පවතින අවස්ථා පිළිබඳව අවධානය යොමු වූ මෙම හමුව, අබුඩාබි, මස්කට් සහ දෝහා ආවරණය කරමින් දින හතක් පුරා පැවැති ගල්ෆ් ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධාන අංගයක් විය.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය අරුෂා කුරේ පැවසුවේ UAE යනු මැදපෙරදිග කලාපයේ ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳ හවුල්කරු මෙන්ම ශ්‍රී ලංකාවේ හයවැනි විශාලතම ආයෝජකයා බවයි. දකුණු ආසියානු වෙළෙඳපොළට පිවිසීමට අපේක්ෂා කරන UAE ආයෝජකයන්ට කොළඹ වරාය නගරය ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාරික පරිසරයක් සපයන බවද ඇය සඳහන් කළාය.DMCC හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෆෙර්යාල් අහමඩි පැවසුවේ ඉදිරි වසර දහය තුළ ගෝලීය වෙළෙඳාමේ වැඩි කොටසක් දකුණු කලාපීය රටවල් අතර සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ඩුබායි, සිංගප්පූරුව සහ කොළඹ වැනි නිදහස් වෙළෙඳ කලාප ව්‍යාපාර සඳහා වැදගත් සම්බන්ධතා මධ්‍යස්ථාන බවට පත්වනු ඇති බවත්ය.කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර පැවසුවේ ඉන්දියන් සාගරයේ මධ්‍යගත පිහිටීම සහ ගැඹුරු මුහුදු වරායන් ඇතුළු ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වාසි ගල්ෆ් ආයෝජකයන් සඳහා වැදගත් වන බවයි.මස්කට්හිදී Khazaen Economic City, ඕමාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ ඕමාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟද සාකච්ඡා පැවැති අතර, ඕමාන-දකුණු ආසියානු වෙළෙඳ හා ආයෝජන සබඳතා සහ කොළඹ වරාය නගරයේ SEZ අවස්ථා පිළිබඳව අවධානය යොමු විය.ගල්ෆ් ප්‍රවර්ධන වැඩසටහන දෝහාහිදී කටාර් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ පළමු උප සභාපති මොහොමඩ් බින් අහමඩ් බින් ත්වාර් සමඟ පැවැති හමුවකින් අවසන් වූ අතර, කටාර් ව්‍යාපාරික හා ආයෝජන ප්‍රජාව සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණි. 

තවදුරටත් කියවන්න
ත්‍රිකුණාමලයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් අපනයන වෙළෙඳපොළට යොමු කිරීමට පියවර

ත්‍රිකුණාමලයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් අපනයන වෙළෙඳපොළට යොමු කිරීමට පියවර

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ඔක්තෝබර් 1 වැනිදා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ සංසදයක් පවත්වන ලදී. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අපනයන හැකියාව සහිත ප්‍රාදේශීය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් සහ ව්‍යවසායකයින්ට සහාය වීම සහ ඔවුන් සංවර්ධනය කිරීම මෙම සංසදයේ අරමුණ විය.මෙම වැඩසටහන දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක්, කුඩා අපනයන ප්‍රදර්ශනයක් සහ ව්‍යාපාරික සායනයක් (Business Clinic) යන ප්‍රධාන අංග තුනකින් සමන්විත විය.සම්මන්ත්‍රණයේදී අපනයන සංවර්ධන මණ්ඩලයේ සේවාවන්, අපනයන වෙළෙඳපොළ අවශ්‍යතා සහ අවස්ථා පිළිබඳව ව්‍යවසායකයින් දැනුවත් කෙරුණු අතර, පලතුරු හා එළවළු, සකසන ලද ආහාර, අත්කම් හා ජීවන රටා නිෂ්පාදන සහ ධීවර නිෂ්පාදන යන ක්ෂේත්‍රවල සාර්ථක අත්දැකීම්ද හුවමාරු කෙරිණි.ප්‍රදර්ශනයේදී එම ක්ෂේත්‍රවල අපනයනය කළ හැකි නිෂ්පාදන ප්‍රදර්ශනය කෙරුණු අතර, ඒ සඳහා පාර්ශ්වකාර ආයතන සහ අපනයන සමාගම්ද සහභාගී විය.ජාතික අපනයන සංවර්ධන සැලැස්ම යටතේ අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය ප්‍රවේශ වැඩසටහනේ කොටසක් ලෙස මෙම සංසදය පැවැත්විණි. එහි අරමුණ වන්නේ අපනයන ප්‍රවර්ධනය ප්‍රාදේශීය ව්‍යවසායකයින් වෙත සමීප කිරීම සහ ඔවුන් ගෝලීය අගය දාමයන් සමඟ සම්බන්ධ කිරීමයි.2017 වසරේ සිට දිවයින පුරා මෙවැනි සංසද නවයක් පවත්වා ඇති අතර, අවසන් වරට 2025 පෙබරවාරි මාසයේදී මඩකලපුවේදී මෙවැනි වැඩසටහනක් පවත්වා තිබේ.මෙම වැඩසටහන සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් හේමන්ත කුමාර සහ EDB සභාපති/ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ ඇතුළු EDB සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්, අපනයනකරුවන් සහ ව්‍යවසායකයින් රැසක් සහභාගී වූහ.අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ යම් කාර්යයක් සිදු කර අවසන් වන තෙක් එය කළ නොහැකි දෙයක් ලෙස පෙනිය හැකි බවත්, එය කළ නොහැකි යැයි සිතා අතහැර දැමුවහොත් කිසිදා එය ඉටු කරගත නොහැකි බවත්ය.

තවදුරටත් කියවන්න
Entertainment Stories
Explore More
එන්ජින් දෝෂය පරාජය කරමින් Starship කක්ෂයට: ආපසු එද්දී ශාන්තිකර සාගරයේදී පිපිරී යයි

එන්ජින් දෝෂය පරාජය කරමින් Starship කක්ෂයට: ආපසු එද්දී ශාන්තිකර සාගරයේදී පිපිරී යයි

ඉලෝන් මස්ක්ගේ SpaceX සමාගම විසින් නිෂ්පාදිත දැවැන්තම රොකට් යානය වන 'Starship', අත්හදා බැලීමේදී ප්‍රථම වතාවට සාර්ථකව පෘථිවි කක්ෂය වෙත ළඟා වීමට සමත් වුණා.ගුවන්ගත වීමේදී සිදුවූ නොසිතූ එන්ජින් අක්‍රිය වීමක් හමුවේ වුවද යානය සිය ගමන අත්නොහැර සාර්ථකව කක්ෂයට පිවිසීමට සමත් වීම විශේෂත්වයක්.කෙසේවෙතත්, කක්ෂයේ සිට ආපසු පැමිණීමේදී ශාන්තිකර සාගරය වෙත සිදුකළ පාලිත ගොඩබැස්වීම (controlled landing) අතරතුරදී මෙම යානය හදිසියේම විශාල ගිනිජාලාවක් සහිතව පිපිරී විනාශ වී තිබෙනවා.මෙම යානයේ මිනිසුන් කිසිවෙකුත් ගමන් නොකළ අතර, පිපිරීමට ලක්වීමට පෙර අභ්‍යවකාශයේදී චන්ද්‍රිකා කිහිපයක් සාර්ථකව කක්ෂගත කිරීමටද මෙම මෙහෙයුම සමත් වූ බවයි SpaceX සමාගම ප්‍රකාශ කරන්නේ.අනාගතයේදී අඟහරු සහ චන්ද්‍රයා වෙත මිනිසුන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අභිලාෂයෙන් ක්‍රියාත්මක වන මෙම Starship ව්‍යාපෘතියේ වැදගත් ඉදිරි පියවරක් ලෙස මෙම පරීක්ෂණ මෙහෙයුම සැලකෙනවා.

තවදුරටත් කියවන්න
SpaceX හි Starship රොකට්ටුව ප්‍රථම වරට පෘථිවි කක්ෂය වෙත යැවීමට සූදානම්: අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව කඩඉමකට මගපෑදෙයි

SpaceX හි Starship රොකට්ටුව ප්‍රථම වරට පෘථිවි කක්ෂය වෙත යැවීමට සූදානම්: අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව කඩඉමකට මගපෑදෙයි

ලොව මෙතෙක් නිෂ්පාදනය කර ඇති බලගතුම රොකට් පද්ධතිය වන SpaceX සමාගමේ 'Starship' හි ප්‍රථම පෘථිවි කක්ෂීය පරීක්ෂණ පියාසර කිරීම සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හෙට (28) පෙ.ව. 8:15 ට (නැගෙනහිර වේලාවෙන්) විවෘත වන විනාඩි 75 ක කාල රාමුව තුළ මෙම දියත් කිරීම සිදුකිරීමට නියමිත අතර, මෙය සාර්ථක වුවහොත් Starship හි පරීක්ෂණ අදියර නිම වී සක්‍රීය මෙහෙයුම් අදියර ආරම්භ වනු ඇති බවයි.මෙම පියාසර කිරීමේදී නව පරම්පරාවේ Starlink අන්තර්ජාල උපග්‍රහණ කාණ්ඩයක් ප්‍රථම වරට කක්ෂගත කිරීමටද සැලසුම් කර තිබෙනවා.කෙසේවෙතත්, මීට පෙර සිදුකළ උප-කක්ෂීය (suborbital) පරීක්ෂණ පියාසර කිරීම්වලට වඩා වැඩි අවදානමක් මෙහිදී පවතින බවයි විද්‍යාඥයෝ පෙන්වා දෙන්නේ.මීට පෙර සිදුකළ පරීක්ෂණ 13 දී රොකට්ටුවේ පාලනය ගිලිහුණද එය ස්වයංක්‍රීයවම පෘථිවි වායුගෝලයට ඇතුළු වී සාගරයට පතිත වන පරිදි සැලසුම් කර තිබුණා.නමුත් කක්ෂීය පථයකදී අධික වේගයෙන් ගමන් කරන බැවින් පාලනය ගිලිහුණහොත් එය අභ්‍යවකාශයේ පාවෙන තත්ත්වයට පත්වී අනෙකුත් සක්‍රීය උපග්‍රහණ සමග ගැටීමේ අවදානමක් පවතින අතර, පැය 10 ක පමණ කාලයක් පුරා පැවැත්වීමට නියමිත මෙම මෙහෙයුමේදී Starship යානය පෘථිවිය වටා වට 6 ක් ගමන් කිරීමෙන් අනතුරුව චිලී වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට පතිත කිරීමට නියමිතයි.නාසා (NASA) ආයතනයේ 'Artemis' වැඩසටහන යටතේ නැවත වරක් ගගනගාමීන් සඳ මතට ගෙන යාමේ කොන්ත්‍රාත්තුව හිමිව ඇත්තේද Starship යානයට වන අතර, අනාගතයේදී අඟහරු මත මිනිස් ජනාවාස පිහිටුවීමේ ඉලෝන් මස්ක්ගේ අභිප්‍රාය සාක්ෂාත් කරගැනීම සඳහා මෙම පරීක්ෂණ පියාසර කිරීම තීරණාත්මක පියවරක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.මූලාශ්‍රය - CNN

තවදුරටත් කියවන්න
The Witcher 3 Remastered සඳහා අවශ්‍ය වන ඉඩ ප්‍රමාණය CD Projekt Red හෙළි කරයි

The Witcher 3 Remastered සඳහා අවශ්‍ය වන ඉඩ ප්‍රමාණය CD Projekt Red හෙළි කරයි

එතෙක් මෙතෙක් බිහිවූ හොඳම Open-world RPG ක්‍රීඩාවක් වන The Witcher 3: Wild Hunt හි Remastered අනුවාදය (Remastered Version) සඳහා ක්‍රීඩකයන් විසින් වෙන කර තැබිය යුතු මතක ඉඩ ප්‍රමාණය (Storage Space) පිළිබඳ තොරතුරු CD Projekt Red සමාගම විසින් නිකුත් කර තිබෙනවා.මෙම සැප්තැම්බර් 29 වනදා සියලුම නූතන පරම්පරාවේ ක්‍රීඩා කොන්සෝල (Current-gen platforms) වෙත පැමිණීමට නියමිත මෙම ක්‍රීඩාව සඳහා PC, PS5 සහ Xbox භාවිතා කරන්නන්ට GB 45 ක Update එකක් බාගත (Download) කිරීමට සිදුවනු ඇති.කෙසේවෙතත්, Nintendo Switch 2 වෙනුවෙන්ම වෙනම සැකසූ අනුවාදයක් පැමිණෙන බැවින් ඒ සඳහා GB 50 ක ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වන බව CD Projekt Red හි ගෝලීය ප්‍රජා අධ්‍යක්ෂ මාසින් මොමොට් (Marcin Momot) සඳහන් කරනවා.දැනටමත් Nintendo Switch හි පැරණි අනුවාද හිමි ක්‍රීඩකයන්ට කිසිදු අමතර පිරිවැයකින් තොරව Switch 2 අනුවාදයට ‍යාවත්කාලීන වීමේ හැකියාවද ලබා දී තිබීම විශේෂත්වයක්.PC ක්‍රීඩකයන් සඳහා දැනට පවතින The Witcher 3: Complete Edition හි ප්‍රමාණය GB 51 ක් වන අතර, මෙම නව GB 45 යාවත්කාලීන අනුවාදයත් එකත් සමඟ සමස්ත ක්‍රීඩාව සඳහාම අවශ්‍ය වන්නේ GB 96 කට ආසන්න ඉඩ ප්‍රමාණයක්.මෙය ඉදිරියේදී නිකුත් වීමට නියමිත GB 200 ක පමණ ඉඩක් ගන්නා Final Fantasy 7 Revelation වැනි ක්‍රීඩා සමඟ සැසඳීමේදී සාපේක්ෂව අඩු අගයක් වනු ඇති.මෙම Remastered අනුවාදය හරහා වඩාත් දියුණු කළ දෘශ්‍ය අත්දැකීම් (Visual Upgrades), වෙනස් කළ Skill tree පද්ධතියක් සහ චරිත චලනයන්ගේ (Movement) සුමට බවක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.මීට අමතරව, කලින් ක්‍රීඩා කළ Save Data සහ Achievements සියල්ලම නව අනුවාදයට ඇතුළත් කරගැනීමේ (Cross-progression) පහසුකමද සලසා තිබෙනවා.එමෙන්ම 2027 වසරේදී ජෙරල්ට්ගේ (Geralt of Rivia) නවතම ආගමනය සනිටුහන් කරමින් The Witcher 3: Songs of the Past නිකුත් කිරීමට CD Projekt Red සමාගම සූදානමින් සිටිනවා. මූලාශ්‍රය - GameRant

තවදුරටත් කියවන්න
Resident Evil Requiem හි Xbox අලෙවිය 8.6% දක්වා දැවැන්ත ලෙස පහතට: PlayStation 5 ආධිපත්‍යය තවදුරටත් තහවුරු වෙයි

Resident Evil Requiem හි Xbox අලෙවිය 8.6% දක්වා දැවැන්ත ලෙස පහතට: PlayStation 5 ආධිපත්‍යය තවදුරටත් තහවුරු වෙයි

ලොව පුරා ඉහළ ජනප්‍රියත්වයක් ලබා ඇති Capcom සමාගමේ 'Resident Evil Requiem' වීඩියෝ ක්‍රීඩාවේ (Video Game) සමස්ත අලෙවියෙන් Xbox කොන්සෝල (Consoles) සඳහා අලෙවි වී ඇත්තේ 8.6% ක තරම් කුඩා ප්‍රතිශතයක් බව නවතම වෙළඳපොළ විශ්ලේෂණ වාර්තාවක් හෙළි කරනවා.Alinea Analytics ආයතනය විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, මේ වන විට සාර්ථකව අලෙවි වන Resident Evil Requiem ක්‍රීඩාව මගින් ඩොලර් මිලියන 500 කට අධික ආදායමක් උපයා තිබෙනවා.PC, PS5 සහ Xbox Series X/S යන ප්ලැට්ෆෝම් (Platforms) හරහා සමස්ත පිටපත් මිලියන 8.5 ක් අලෙවි වී ඇති අතර, ඒ අතරින් Xbox සඳහා අලෙවි වී ඇත්තේ පිටපත් 731,000 ක් (8.6%) පමණයි.මීට සාපේක්ෂව Sony සමාගමේ PlayStation 5 (PS5) කොන්සෝල සඳහා පිටපත් මිලියන 4.01 ක් (48.1%) සහ PC (Steam) හරහා පිටපත් මිලියන 3.69 ක් (43.4%) අලෙවි වී තිබීම විශේෂත්වයක්.මෙම දත්ත මගින් මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ Xbox වෙළඳපොළ නියෝජනය Sony PS5 හමුවේ කෙතරම් පසුගාමීද යන්න පැහැදිලි වන බවයි විචාරකයෝ පෙන්වා දෙන්නේ.දැනට පවතින දත්තවලට අනුව Sony PS5 කොන්සෝල මිලියන 95.3 කට අධික ප්‍රමාණයක් ලොව පුරා අලෙවි වී ඇති අතර, Xbox Series X/S අලෙවිය සටහන් වන්නේ මිලියන 35 කට ආසන්න මට්ටමකයි.ඉදිරියේදී නිකුත් වීමට නියමිත GTA 6 ක්‍රීඩාවේ පෙර ඇණවුම් (Pre-orders) සම්බන්ධයෙන්ද පවතින්නේ මෙවැනිම තත්ත්වයක් වන අතර, එහිදීද වැඩි ප්‍රණයක් PS5 සඳහා වෙන්වී ඇති බවයි වාර්තා වන්නේ.කෙසේවෙතත්, මයික්‍රොසොෆ්ට් හි ප්‍රධාන උපායමාර්ගික නිලධාරී මැතිව් බෝල් (Matthew Ball) සඳහන් කරන්නේ GTA 6 හි Xbox පෙර ඇණවුම් පිළිබඳව තම සමාගම තෘප්තිමත් වන බවයි.Resident Evil යනු ඉතිහාසයේ සිටම PlayStation සමඟ වැඩි සබඳතාවක් පැවැත්වූ ක්‍රීඩාවක් වීම සහ ජපානය වැනි රටවල Xbox සඳහා ඇති අඩු ඉල්ලුම මෙයට හේතු විය හැකි නමුත්, Xbox පරිශීලකයින් සිය කොන්සෝල අතහැර PC හෝ වෙනත් ප්ලැට්ෆෝම් වෙත මාරු වන්නේද යන්න පිළිබඳව මෙම දත්ත හරහා තදබල ප්‍රශ්නාර්ථයක් මතුව තිබෙනවා.මූලාශ්‍රය - IGN

තවදුරටත් කියවන්න
සුපිරි ගායිකා ටේලර් ස්විෆ්ට් 'Showgirl' ඇල්බමයේ නවතම 'Encore' සංස්කරණය එළිදක්වයි!

සුපිරි ගායිකා ටේලර් ස්විෆ්ට් 'Showgirl' ඇල්බමයේ නවතම 'Encore' සංස්කරණය එළිදක්වයි!

ජනප්‍රිය පොප් සංගීත තරුණියක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift) විසින් ඇයගේ අතිශයින් ජනප්‍රිය 'Showgirl' ඇල්බමයේ විශේෂ 'Encore' සංස්කරණය නිල වශයෙන් නිකුත් කර තිබෙනවා.මෙම නව නිකුතුවත් සමග ඇයගේ සංගීත ලෝලීන් අතර දැඩි උද්යෝගයක් නිර්මාණය වී ඇති අතර, එය ගෝලීය streaming ලැයිස්තුවල ඉහළ ස්ථාන කරා ළඟා වෙමින් පවතිනවා.ප්‍රධාන ඇල්බමයට අමතරව අතිරේක ගීත සහ විශේෂ අංගයන්ගෙන් සමන්විත මෙම 'Encore' සංස්කරණය හරහා ටේලර් ස්විෆ්ට් සිය රසිකයන්ට නව අත්දැකීමක් ලබා දී ඇති බව විචාරකයෝ පෙන්වා දෙන අතරම, ගීත ක්ෂේත්‍රයේ නව වාර්තා තබමින් අඛණ්ඩව ඉදිරියට පැමිණෙන ඇයගේ මෙම නවතම නිකුතුවත් සමග මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අවධානය දැඩි ලෙස ඇය වෙත යොමුව තිබෙනවා.

තවදුරටත් කියවන්න
ගේම් එක ඩිජිටල්... සවුන්ඩ් ට්‍රැක් එක ෆිසිකල්: GTA 6 රසිකයින් අතර දැඩි සංවාදයක්

ගේම් එක ඩිජිටල්... සවුන්ඩ් ට්‍රැක් එක ෆිසිකල්: GTA 6 රසිකයින් අතර දැඩි සංවාදයක්

අතිශයින් ජනප්‍රිය GTA 6 වීඩියෝ ක්‍රීඩාව සඳහා ඩිජිටල් ක්‍රමයට පමණක් මුදා හැරීමට රොක්ස්ටාර් (Rockstar) සමාගම ගෙන ඇති ආන්දෝලනාත්මක තීරණය හමුවේ, එහි නිල හඬ පට ඇල්බමය සංයුක්ත තැටි (CD) සහ වයිනයිල් (Vinyl) මඟින් භෞතිකව (Physical release) නිකුත් කිරීමට ගත් පියවර දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.ක්‍රීඩාව නිකුත් වන දිනම එළිදැක්වීමට නියමිත මෙම ගීත 34 කින් යුත් සංගීත එකතුව හරහා වීඩියෝ ක්‍රීඩා ලෝලීන් අතර මෙම මතභේදය යළිත් උණුසුම් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.ට්‍රැවිස් ස්කොට් (Travis Scott), මෝර්ගන් වෝලන් (Morgan Wallen) සහ පිංපැන්තර්ස් වැනි ප්‍රකට කලාකරුවන්ගේ සංගීතයෙන් සැදුම්ලත් මෙම ඇල්බමය හරහා ක්‍රීඩාවේ ගිලී යන සුළු ගුවන් විදුලි අත්දැකීම (In-game radio experience) තවත් තීව්‍ර වන බව සඳහන්.මීට පෙර පැවති GTA ක්‍රීඩා සඳහා ඇතුළත් වූ ගීත හේතුවෙන් ඇතැම් කලාකරුවන්ගේ ස්පොටිෆයි (Spotify) සහ ෂාසාම් (Shazam) ශ්‍රාවකයින්/වාර්තා සටහන් (Streams) වාර්තාගත ලෙස ඉහළ ගිය අතර, මෙවර නිකුත් වීමට නියමිත නවතම GTA 6 ක්‍රීඩාව ද නොවැම්බර් 19 වන දින නිල වශයෙන් එළිදැක්වීමට නියමිතයි.

තවදුරටත් කියවන්න
'සිල්වර්ස්ටෝන්' ධාවන තරගාවලිය ඇරඹීමට තමිල්නාඩු මහ ඇමති විජේ බ්‍රිතාන්‍යයට : සුපිරි නළු අජිත් කුමාර් තරග බිමට

'සිල්වර්ස්ටෝන්' ධාවන තරගාවලිය ඇරඹීමට තමිල්නාඩු මහ ඇමති විජේ බ්‍රිතාන්‍යයට : සුපිරි නළු අජිත් කුමාර් තරග බිමට

ටෙලිවිෂන් සහ සිනමා ලෝකය උඩුයටිකුරු කරමින් තමිල්නාඩුවේ දේශපාලන සහ සිනමා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මෑතකදී අනපේක්ෂිත පුවතක් වාර්තා වී තිබෙනවා.ඒ අනුව, එක්සත් රාජධානියේ (UK) පැවැත්වෙන සුප්‍රසිද්ධ 'සිල්වර්ස්ටෝන් මෝටර් රථ ධාවන තරඟය' (Silverstone Motor Race) නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ප්‍රකට නළු 'විජේ' විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වුණා.මෙම තරඟාවලියේ විශේෂත්වය වන්නේ තමිල්නාඩු සිනමාවේ තවත් දැවැන්තයකු වන ප්‍රවීණ නළුවෙක් මෙන්ම මෝටර් රථ ධාවන ශූරයකු වන අජිත් කුමාර් (Ajith Kumar) මෙවර මෙම අන්තර්ජාතික තරග බිමට කෙළින්ම පිවිසීමයි.එකම කර්මාන්තයක දැවැන්තයන් දෙදෙනෙක් මෙලෙස දේශපාලන සහ ක්‍රීඩා වේදිකා හරහා එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගනිමින් එකට සම්බන්ධ වීම ලොව පුරා සිටින දෙමළ සිනමා රසිකයන්ගේ සහ මෝටර් රථ ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.දෙමළ සිනමාවේ ප්‍රතිවාදීන් ලෙස හැඳින්වෙන මෙම සුපිරි තරු දෙක මෙලෙස ජාත්‍යන්තර මට්ටමේ සිදුවීමකදී එකට හමුවීම ඉන්දියාව තුළ දැඩි ආන්දෝලනයක් ඇති කර ඇති අතර, මෙරට දේශපාලන වෙනස්කම් සමඟින් විජේගේ මෙම විදෙස් සංචාරය සහ නිල රාජකාරී පිළිගැනීම පිළිබඳව ද පුළුල් කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

තවදුරටත් කියවන්න

"රැකියා සුරකින්න - AI නියාමනය කරන්න" : කෘතිම බුද්ධියට එරෙහිව රොබෝවරුන්ගෙන්ම විරෝධයක්

කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් දැඩි නීතිරීති පනවන ලෙස ඉල්ලමින් පෝලන්තයේ වෝර්සෝ නුවර අපූරු විරෝධතාවක් පවත්වා තිබෙනවා.පෝලන්තයේ ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඉදිරිපිට පැවැති මෙම විරෝධතාව සඳහා විවිධ මාදිලියේ රොබෝවරුන් 30 දෙනෙකු පමණ එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.පාබල මානව රූපී (Humanoid) රොබෝවරුන් සහ සිව්පාවුන් බඳු රොබෝවරුන්ගෙන් (Quadrupeds) සමන්විත වූ මෙම කණ්ඩායම කොඩි වනමින්, සටන් පාඨ කියමින් සහ වටරවුම් ලෙස ගමන් කරමින් සංකේතාත්මක විරෝධතාවයක නිරත වී තිබෙනවා.ධ්වනි විකාශක යන්ත්‍ර හරහා “රැකියා ස්ථාන සුරකින්න”, “නීති පැනවීමට කාලයයි” සහ “ප්‍රමාද නොවී නියාමනය කරන්න” වැනි සටන් පාඨ නිකුත් කිරීමට ඔවුන් පියවර ගෙන ඇති අතර, මෙම විරෝධතාවට එක්වූ Agibot A3 නමැති මානව රූපී රොබෝවරයෙකු AFP පුවත් සේවයට ප්‍රකාශ කර තිබුණේ, මෙම තාක්ෂණය මේ වන විටත් ප්‍රායෝගික යථාර්ථයක් බව පෙන්වා දීමට තමන් මෙම විරෝධතාවට එක්වූ බවයි.කෘතිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය නිසා රැකියා වෙළඳපොළට වන බලපෑම පිළිබඳ මහජන කථිකාවතක් ගොඩනැගීමට උත්සාහ කරන 'Democratism' සංවිධානය මගින් මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනවා.

තවදුරටත් කියවන්න
Hiru TV News | Programmes